අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 3කදී Featured

    සැප්තැම්බර් 20, 2014

    බදුල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා බදුල්ල විහාර මහාදේවී විද්‍යාලය යන ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථාන 3කදී ශාලා 71ක ඡන්ද ගණන් කිරීම ප.ව. 06.30 ට ආරම්භ වූ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය.



    බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද දායක සංඛ්‍යාවෙන් සියයට 60ත් 65ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවට විශ්වාස කරන බව බදුල්ල දිසාපති රෝහණ කීර්ති දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.

     

     බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාව 609,966ක් වේ.

     

    බණ්ඩාරවෙල හා සොරනාතොට සුළු සිද්ධි 2ක් හැරුණු කොට සමස්තයක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සාධාරණ හා සාමකාමී බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රවෘත්ති නිලධාරීවරයා පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya