අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විරු දන ගී සර - 6 ප්‍රසංගය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූවන් ඇගයීමට ලක්කෙරේ

    සැප්තැම්බර් 19, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් පවත්වන ලද විරුදන ගී සර - 6 ප්‍රසංගය සඳහා අනුග්‍රහය දැක්වූ සංවිධානවල හා ආයතනවල කාර්යභාරය ඇගයීමට ලක්කිරිම සඳහා සංවිධානය කරන ලද උත්සවයක් ඊයේ (18) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. 
     
    මෙම විරුදන ගී සර - 6 ප්‍රසංගය පසුගිය අගෝස්තු මස 02 දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
     
    මෙම උත්සවයේ දී විරුදන ගී සර - 6 ප්‍රසංගය ඉතා විචිත්‍රවත් හා සාර්ථක අන්දමින් පැවැත්වීම සඳහා උපරිම සහයෝගය ලබාදුන් සංවිධානයන්හි හා ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීනට හා ජ්‍යේෂ්ඨ නියෝජිතයනට අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් සිහිවටන තිළිණයන් ප්‍රදානය කරන ලදී.
     
    පසුගිය යුද සමයේදී රට දැය වෙනුවෙන් සිය ජීවිත පූජා කරන ලද හා විවිධ ආබාධවලට පත් වූ රණ විරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියෙහි අරමුදල් තර කිරීම සඳහා එම අමාත්‍යාංශය විසින් මෙම විරුදන ගී සර ප්‍රසංගය සංවිධානය කරන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා අබාන්ස් සමාගමේ නියෝජිතයන්, ඇවන්ට් ගාඩ්, එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ලංකා බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, සන් පවර් කන්ස්ට්‍රක්ෂන්, සෙලින්කෝ රක්ෂණ සමාගම, මහජන බැංකුව, ලේක් හවුස් පුවත්පත් ආයතනය, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ගුවන් සේවා ලංකා සමාගම, කාගිල්ස් ලංකා, සියෙරා කම්පැනි සමූහය, හෙට්ටිගොඩ කර්මාන්තායතනය, ලංකා ඛනිජතෙල් සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ජාලය, ලක්හඬ රේඩියෝව, රක්නා ආරක්ෂක ලංකා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීහු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya