මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු පැසිපික් තැපැල් සංගමයේ විධායක රැස්වීම ශ්‍රී ලංකාවේ

    සැප්තැම්බර් 13, 2014
    ආසියානු පැසිපික් තැපැල් සංගමයේ (APPU) 2014 වාර්ෂික විධායක සමුළුව 15 දා සිට 19 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා පැවසීය. 
     
    එහි ආරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    විධායක සභා රැස්විම සඳහා විශ්ව තැපැල් සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු රටවල් 32ක විදේශ නියෝජිතයන් 150කට අධික පමණ සහභාගිවීමට නියමිතය. විශ්ව තැපැල් සංගමයේ අධයක්ෂ ජනරාල් බිෂාර් හුසේන් මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ දී සමුළුව පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ද මෙය වේ. 
     
    පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක සමුළුවෙන් පසු ව රටවල් 32ක සහභාගිත්වයෙන් පැවත්වෙන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ ප්‍රතිරූපය ජාත්‍යන්තරයට ගෙන යාමටත්, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහාත් මහඟු පිටුවහලක් වනු ඇත.
     
    මේ හරහා කලාපීය තැපැල් සේවා සබඳතා වැඩිදියුණු කරගැනීමෙන් ශ්‍රී ලංකා තැපෑලට ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමටත් එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රවර්ධනයටත් රුකුලක් වනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya