මෙම සැසිය සඳහා දකුණු ආසියානු රටවල් 08ක් සහ ගිනිකොනදිග ආසියානු රටවල් 10කින් ආරක්ෂක ප්‍රධානීන් සහභාගිවීමට නියමිත අතර රුසියානු සමුහාණ්ඩුව සහ මහජන චීන සමුහාණ්ඩුව නිරීක්ෂකයන් ලෙසින් සහභාගි වීමට නියමිතය.
දකුණු හා ගිනිකොනදිග ආසියානු කලාපයේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවයට එල්ලවන අභියෝග මැනවින් හඳුනාගෙන අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ විශ්වාසය මගින් එම අභියෝගවලට මුහුණදීමට අවශ්‍ය උපාය මාර්ග ගැනීමට කටයුතු කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.
මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සංකල්පය, තර්ජන සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.
DB