මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මපාලතුමාගේ 150 ජන්ම සංවත්සරයට සිසුන් 15,000ක් පා ගමනක

    සැප්තැම්බර් 14, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් පාසල් සිසුන් 15,000ක් එක්වන පුෂ්පෝපහාර පා ගමන හා ගුණානුස්මරණ උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්වේ.


    මේ වෙනුවෙන් පාසල් 23ක දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පුෂ්පෝපහාර පා ගමනක් පෙ.ව. 7.30ට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ආරම්භ වී ස්ථාන 7ක් ඔස්සේ සම්බන්ධීකරණය වෙමින් කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය දක්වා ගමන් කෙරේ.

     

    මෙම පාගමන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ආරම්භ වී මහරගම ජනාධිපති විද්‍යාලය, විජේරාම හන්දිය, ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය දක්වා ගමන් කරනු ඇත. අනගාරික ධර්මපාලතුමාගේ ආදර්ශ පාඨ, බෞද්ධ කොඩි, ජාතික කොඩි, මල් රැගෙන සිසුන් 15,000ක් පමණ මෙම පා ගමනට එක්වීම විශේෂත්වයකි.

     

    පාගමන අවසන් වීමෙන් පසු කොළඹ 10, මහාබෝධි මූලස්ථානයේදී ප.ව. 2.00ට අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ගුණසමරු උත්සවය විද්‍යාලංකාර පරිවේනාධිපති හා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වේ.

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya