මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියුබානු විදේශ අමාත්‍යවරයා හා විමල් වීරවංශ අමාත්‍යවරයා අතර විශේෂ හමුවක් Featured

    සැප්තැම්බර් 08, 2014

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන කියුබානු විදේශ කටයුතු අමාත්‍ය බෲනෝ එඩියුර්ඩෝ රුද්‍රිගෝස් පාරිල්ලා (Bruno Edurdo Rodrguez Parilla) මහතා හා   ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ හමුවක් අද (08) කොළඹදි පැවැත්විණ.
     
    ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී සිටීම සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදි කියුබානු විදේශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කරන ලදි.

    එමෙන් ම ඇමරිකානු සම්බාධක හමුවේ කියුබාව තම ගමන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳව සතුට පළ කළ විමල් වීරවංශ අමාත්‍යවරයා කියුබානු ජනතාවගේ ධෙර්යය සම්පන්න උත්සහය ද අගය කළේය.

    ඊට අමතර ව දෙරට අතර අඩුවියදමින් ශක්තිමත් නිවාස නිර්මාණශීලීව ඉදිකරගැනීම සම්බන්ධයෙන් දැනුම හුවමාරු කරගැනීමේ වැදගත්කම ද දෙරටේ අමාත්‍යවරුන් විසින් පිළිගනු ලැබීය. වීරවංශ අමාත්‍යවරයා ඊට අදාළ ව සකස් කෙරුණු ලිපියක්ද කියුබානු විදේශ අමාත්‍යවරයාට ලබා දුන් අතර ඒ අනුව අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ හැකි බවද එහිදී ප්‍රකාශ විය.
    එමෙන් ම කියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ මැතිතුමා අධිරාජ්‍යවාදයෙන් බැට කන ලෝ පුරා සිටින ජනතාවට ලබාදෙන ධෙර්යයද විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ‍මෙහිදි විශේෂයෙන්ම අගය කරන ලදි. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya