මේ නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය සංවිධානය කරනු ලබන දැනුවත් කිරීමේ ප‍්‍රධාන වැඩසටහනක් ශ‍්‍රී ලංකා පදනම් ආයතයේ දී සැප්තැම්බර් 10 පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම තේමාවෙන් සියදිවි හානිකර ගැනීම් වැළැක්වීම ක‍්‍රියාත්මක වීමට නම් විවිධ මට්ටම් අතර ඇති සම්බන්ධතාවන්ගේ ඇති වැදගත්කම පිළිබිඹු කරයි. සියදිවි හානිකර ගැනීම් වැළැක්වීමෙහිලා ගනු ලැබූ ප‍්‍රයත්නයන් ලෝක සියදිවි හානිකර ගැනීම් වැළැක්වීමේ දිනයේ දී සමරා ඇත.
සියදිවි හානිකර ගැනීම් යනු ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලුවකි. එය ප‍්‍රතිකර්ම ලබාගත යුතු මානසික රෝග තත්ත්වයකි. විශේෂයෙන්ම විශාදය තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් සියදිවි හානිකර ගැනීම්වලට බහුලව යොමුවන බව තහවුරු වී තිබේ. 1985-2000 දක්වා කාලය තුළ සියදිවි හානිකර ගැනීම්වලින් පුද්ගලයන් 106,000ක් මරණයට පත් වී ඇතැයි සංඛ්‍යාලේඛන මඟින් හෙළි වේ. එය එම පහළොස් වසර තුළ යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව මෙන් දෙගුණයකි.
සෑම අවුරුද්දකම 800,000ක් පමණ පුද්ගලයන් සියදිවි හානිකර ගැනීම නිසා මියයති. එනම් සෑම තත්පර 40කට වරක් එක මරණයක් සිදුවෙයි. මෙලෙස අවුරුද්දකට අහිමි වන ජීවිත ගණන මිනිස් ඝාතන හා යුද්ධය නිසා අහිමිවන ජීවිත ගණන ද ඉක්මවයි. 2012 වසරේ ලෝකයේ අවුරුදු 30-49ත් අතර වයස් කාණ්ඩයේ මරණවලට මුල්වන හේතු අතරින් 5 වන තැන ගන්නේ සියදිවි හානිකර ගැනීම වන අතර, අවුරුදු 15-29 වයස් කාණ්ඩ අතර එය දෙවැනි තැන ගනී. වැඩිහිටියන් අතර සෑම සියදිවි හානිකර ගැනීමකට, සියදිවි හානිකර ගැනීමට තැත් කිරීම් 27ක් වන බව ඇස්තමේන්තු කර ඇත.
සියදිවි හානිකරගත් පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකුට මානසික ගැටලු හෝ මානසික ආතතිය, විශාදය, භීතිකාව සහ භින්නොන්මාදය වැනි මානසික රෝග තත්ත්වයන් තිබෙන බව හඳුනාගෙන ඇත. මානසික රෝගාබාධ (විශේෂයෙන් විශාදය හා මත්පැන් ආශ‍්‍රිත රෝගාබාධ) යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සියදිවි හානි කර ගැනීමට ප‍්‍රධාන අවදානම් සාධකයක් වන අතර, ආසියානු රටවල නම් ආවේගශීලී බව මේ අතර විශේෂ තැනක් ගනී. සියදිවි හානිකර ගැනීම මානසික, සාමාජීය, ජීව විද්‍යාත්මක සංස්කෘතික හා පාරිසරික සාධක සම්බන්ධ වී ඇති සංකීර්ණ ප‍්‍රශ්නයකි.
මානසික රෝගවලට ප‍්‍රතිකාර දියුණු මට්ටමක පවතින අතර ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා යොමුවීමේ අඩුවක් පවතී. බොහෝ විට මානසික රෝග ඇති පුද්ගලයන් සඳහා පළමු හමුවීම ප‍්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සපයන්නන් අතර, ඔවුන් සැමවිටම මානසික රෝගී තත්ත්ව හා සම්බන්ධ නිවැරදි විනිශ්චයකට පැමිණිය නොහැක. මානසික සෞඛ්‍ය සත්කාර සපයන විශේෂඥවරුන්ගේ සේවය බොහෝ විට අවශ්‍ය වේලාවට ලබාගැනීමේ අපහසුතාවෙක් පවතී. එබැවින් රෝගීන් යොමු කිරීම සීමා විය හැක. තවද මානසික සෞඛ්‍ය සේවාවන් පැවැතියත්, ප‍්‍රශස්ත සේවාවක් ලබාදීමට ඒවා අවශ්‍ය පමණට සම්බන්ධීකරණය වී නොමැත. විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල මානසික රෝග ඇති පුද්ගලයන්ට මෙම ගැටලුවලට මුහුණදීමට සිදු වේ.
සායනික සත්කාර තුළිනුත් සබඳතා දියුණු කරගත හැක. මානසික සෞඛ්‍ය සේවාව සමඟ ඇති හොඳ සම්බන්ධතාව සහ සහයෝගීත්වය මෙම මට්ටමේ දී සියදිවි හානි වැළැක්වීමට වැදගත් වේ. මානසික සෞඛ්‍ය පිළිබඳ ප‍්‍රශ්න ඇති කෙනෙකුට නිවැරදි වේලාවට සේවය ලබාගැනීමට හැකි විය යුතු අතර, සියලුම විකල්ප ප‍්‍රතිකාර සාර්ථකව පිළිගැන්වීමට ද හැකි විය යුතුය.
සියදිවි හානිකර ගැනීමට අවදානමක් ඇති පුද්ගලයන්ට අන් අය සමඟ (විශේෂයෙන්ම පවුල හා යහළුවන්) ඇති සම්බන්ධතාව තීරණාත්මක සාධකයක් වේ. සමාජයෙන් හුදකලාවීම සියදිවි හානි කර ගැනීමේ අවදානම වැඩිකරන අතර, ශක්මතිමත් මානුෂීය බැඳීම් එයට එරෙහිව ආරක්ෂක සාධකයක් වන බව සමීක්ෂණවලින් පෙන්වා දී ඇත. අන් අයත් සමඟ සම්බන්ධතාව නැති කර ගත් පුද්ගලයන්ට සමීපවීම සහ ඔවුන්ට උදව්වීම සහ මිත‍්‍රත්වය පිළිගැන්වීම ජීවිතයක් බේරා ගැනීමට උපකාරයක් විය හැක.
සියදිවි හානිකර ගැනීම් වැළැක්වීම සඳහා ඇති ජාත්‍යන්තර සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය සියදිවි හානිකර ගැනීම වැළැක්වීම සඳහා කැපවී සිටි. මෙම සංවිධාන ලෝක සියදිවි හානිකර ගැනීම වැළැක්වීමේ දිනය ඉතා වැදගත් දිනයක් ලෙස පිළිගනී. මෙම දිනය සියදිවි හානි වැළැක්වීමට උනන්දුවක් දක්වන පුද්ගලයන් හා සංවිධාන ඒකරාශී කරන අතරෙ ජීවිත බේරා ගැනීමේ ප‍්‍රයත්නයන් මෙහෙයවීම හා සංවිධානය කරනු ලබයි.
අවසාන වශයෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් ශක්තිමත් සම්බන්ධතාවයක් අත්‍යාවශ්‍ය වේ. බොහෝ සායනික නොවන සංවිධාන සියදිවි හානි වළක්වාලීම අරමුණු කරගෙන කටයුතු කරයි. නමුත් ඔවුන්ගේ ප‍්‍රයත්නයන් සැමවිටම එකවිට සිදු නොවේ. මෙම සංවිධානවල ප‍්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීම හා එකිනෙකා අතර අදහස් හුවමාරුව ඇති කිරිමෙහිලා ලෝක සියදිවි හානිකර ගැනීම වැළැක්වීමේ දිනය හේතුවෙන් වියෝවට පත්වූවන්ගේ දුකට ඇහුම්කම් දීමෙන් එය අවම කර ගැනීමට ද මෙම දිනයේ දී සිදුවන සාකච්ඡාවෙන් උපකාරී වේ.
NDH