මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර බන්ධනාගාර පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල තැබීම හෙට

    සැප්තැම්බර් 04, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිර්මාතෘත්වයෙන් දායාදිත දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ 09 වන ප්‍රභාවිත දැක්මට සමගාමීව මාතර, කොටුවිල නව නගර සංවර්ධන සැලැස්ම යටතේ ඉදිවන බන්ධනාගාර පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල තැබීම හෙට (05) පෙරවරු 8.00ට සිදු කෙරේ.


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන මේ අවස්ථාවට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය සහ දැයට කිරුළ ප්‍රදර්ශන කමිටුවේ සභාපති රංජිත් සියඹලාපිටිය යන මහත්වරු ද සහභාගිවීමට නියමිතය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya