මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු මහ ඇමතිට සුබ උපන්දිනයක්

    සැප්තැම්බර් 04, 2014
    සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ උපන් දිනය අදට (05) යෙදී ඇත. නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නියෝජ්‍ය ඇමතිවරයෙකු, කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කිරීමෙන් පසු පිට පිට තෙවරක් සබරගමු ප්‍රධාන අමාත්‍ය ධූරයට තේරී පත්විය.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ද වන ඒ මහතා ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපතිවරයා ද වේ. සාමය සඳහා වන මහත්මා ගාන්ධි සම්මානයෙන් පුද ලද පළමු දකුණු ආසියාතිකයා වශයෙන් ඒ මහතා ඉතිහාසයට එක් වෙයි.
     
    මහීපාල හේරත් මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට දිගාසිරි පතා කෑගලු දිසාවේ විහාරාම ඇතුළු විවිධ ආගමික සිද්ධස්ථාන ඇතුළු ආගමික වතාවත් රැසක් සංවිධානය කර ඇත.
     
    ඊට අමතරව අද දවස පුරා මහීපාල හේරත් ජන සහන පදනම විසින් සංවිධානය කරනු ලබන සමාජ සත්කාරක සේවා රැසක් ද කෑගල්ල, රඹුක්කන සහ දැදිගම යන මැතිවරණ කොට්ඨාසවල පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya