බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ සුළං වේගය විටින් විට පැ.කි.මී. 70 පමණ දක්වා ඉහළ යා හැක.
අද උදෑසන 05.30ට මුහුදු ප්රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින වටා වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි ඇති වේ. සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ.
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය විටින් විට ඉතා රළු විය හැකි අතර මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්රිකුණාමලය දක්වා වන මුහුදු ප්රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්රදේශ විටින් විට රළු විය හැක.
HC