අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් - 19 වැළැක්වීමට අනුගතව වෙසක් සමරමු - සෞඛ්‍ය ලේකම්

    මැයි 02, 2020

    අප රටේ පවතින කොවිඩ් - 19 රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය වෙනස් ආකාරයනට සැමරිය යුතු වේ.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කරන්නෙමු.

     

    මෙම උපදෙස් ඔබ අප සියලුදෙනා කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම පිණිසයි.

    හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස හා ප්‍රතිපත්ති පූජා වල නිරත වන ලෙසත් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පිරිත් දේශනා,ධර්ම දේශනා වැඩසටහන් සංවිධානය කිරීම සුදුසු වේ.

    වෙසක් කලාප,දන්සැල්,තොරණ් ආදිය ඇතුළු සියලුම මහජනතාව ඒකරාශී වන වැඩසටහන් පැවැත්වීමෙන් වළකින ලෙසටත්,වෙසක් දිනයේදී නිවසින් පිටත අනවශ්‍ය ගැවසීම් හා වෙසක් එළි බැලීම සඳහා නොයන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි.ඒ අනුව,

    විහාරස්ථානය තුළ

    පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට අසීරු වන, පිරිස් ගැවසෙන ආමිස හා ප්‍රතිපත්ති පූජා පැවැත්වීමෙන් වළකින්න.මේවා නිවසේ සිට කිරීමට අනුබල දෙන්න.

    දාන,ශීල ,භාවනා ව්‍යාපාර ,දන්සැල්,සල්පිල්,තොරණ්,පෙරහැර සංවිධානය කිරීමෙන් වැළකිය යුතුයි.

    නිවස තුළ

    ශීල භාවනා වැඩසටහන් නිවසේ සිට පැවැත්වීමට කටයුතු සූදානම් කරන්න.

    වෙසක් සැරසිලි,වෙසක් කූඩු,පහන් පූජා නිවාස පරිශ්‍රයේ සිදු කළහැක.

    වෙසක් සමයේ සිදු කරන වෙළඳාම් සඳහා ( වෙසක් කූඩු, වෙසක් සැරසිලි සහ අමුද්‍රව්‍ය)

    සියලුම වෙසක් සම්බන්ධව කරන වෙළඳාම් කටයුතු පුද්ගල දුරස්ථභාවය තබා ගනිමින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිදු කරන ලෙසය ඉල්ලා සිටී.(මෙය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනගේ අධීක්ෂණ්‍ය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් පරීක්ෂා කරනු ඇත.)

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya