අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි ජන ගැටලු රැසක් විසඳීමට රජය පසුගිය වසර තුන හමාර තුළ කටයුතු කළ බව ජනපති පවසයි

    ජූලි 10, 2018

    දේශපාලන විරුද්ධවාදීන් කුමන අන්දමේ චෝදනා එල්ල කළ ද මෙම වකවානුව මෙරට ගොවි ආර්ථිකයේ සහ කෘෂි ආර්ථිකයේ වාසනාවන්ත කාල පරිච්ෙඡ්දයක් බව ජනාධිපතිතුමා පවසයි.

    ගොවි ජනතාව දීර්ඝකාලයක් පුරා පීඩාවට පත්කළ ජල හිඟයට විසඳුම් ලබාදීමට සේම ඔවුන්ගේ ගැටලු රැසක් විසඳීමට ඉකුත් වසර තුන හමාර තුළ රජය ක‍්‍රමවත් සහ සැළසුම්සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.


    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වැලිකන්ද නව ගොවි ජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට  ඊයේ (09) පස්වරුවේ එක්වෙමිනි.
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කෙළේ අද මේ රටේ ගොවි ජනතාව මුහුණදෙන අසීරුතාවයන් සහ දුක්ගැහැට ඔවුන්ගේ මතු පරපුරට උරුමවීමට ඉඩ නොතබා ගොවි ආර්ථිකය සහ ගොවි ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට වත්මන් රජය කැපවී සිටින බවයි.


    එමෙන්ම වැලිකන්ද ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැලිකන්ද ජනතාව දීර්ඝ කාලයක් මුහුණදී සිටින පානීය ජල ගැටලුව විසඳීමට ආරම්භ කළ වැලිකන්ද පානීය ජල ව්‍යාපෘතියේ කටයුතු ලබන වසර මුලදී ස්ථිර වශයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇති බව සඳහන් කළේය.


    ඇතැමුන් සංවර්ධන වැඩපිළිවෙළේදී කෙටි කාලීන විසඳුම් අපේක්ෂා කළ ද අද සංවර්ධන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වන්නේ විධිමත් සැලැස්මක් සහ අනාගත දැක්මක් ඇතිව බව පැවසූ ජනාධිපතිතුමා ඇතැම් මාධ්‍ය පෙන්වා දෙන අන්දමේ අස්ථාවරත්වයක් රට තුළ නොමැති බවත්, රජයක් ලෙස වත්මන් රජය අද විශාල වැඩකොටසක් ඉටුකරමින් සිටින අතර, ඉදිරි අභියෝගවලට ද සාර්ථකව මුහුණදෙමින් රටත්, ජනතාවත් සඳහා වූ වගකීම් නිසි ලෙසම ඉටුකරන බව අවධාරණය කෙළේය.


    “පිබිදෙමු පොළොන්නරුව“ දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ සියල පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති මෙම ගොවි ජන සේවා මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල රුපියල් එක් කෝටි තිස් එක් ලක්ෂයකි.
    සමරු ඵලකය නිරාවරණය කර ගොවි ජන සේවා මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එම පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.


    ගොවි ජන සේවා මධ්‍යස්ථාන පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
    කෘෂිකර්ම ගොවි ජන රක්ෂණ මණ්ඩලය මගින් ප‍්‍රදානය කරනු ලබන වගා හානි සඳහා වන්දි ලබාදීමට අදාළ චෙක්පත් සහ ගොවිජන බැංකු මගින් ලබාදෙන ව්‍යාපෘති ණයවලට අදාළ චෙක්පත් ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. කෘෂිකර්ම උපකරණ කට්ටල ප‍්‍රදානය කිරීම ද සිදු විය.


    අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරුන් සහ ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න, ගොවි ජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.බී. වීරසේකර, පොළොන්නරුව දිස්ති‍්‍රක් ගොවි ජන සංවර්ධන සහකාර කොමසාරිස් බී.එම්.සී.එච්. කුමාරිහාමි යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya