අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවසායකයින් ජාත්‍යන්තරයට එසවීමට ''2025 දැක්ම'' තේමාව යටතේ ජාතික ප්‍රදර්ශනයක් - සම්බන්ධීකරණයට ලේකම් කාර්යාලයක් Featured

    ජූනි 06, 2018

    ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන ජාත්‍යන්තර තලය දක්වා ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම අපේක්ෂාවෙන් ජාතික ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන්, රජයේ අනෙකුත් සංවර්ධන වැඩසටහන් ද සමඟ ඒකාබද්ධව සෑම පළාතක් ම ආවරණය වන පදි මාස 03කට වරක් ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් ''2025 දැක්ම'' තේමාව යටතේ පැවැත්වීමට රජය අපේක්ෂා කරයි.

    මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය
    හිමිව තිබේ.

    2017 සහ 2018 අයවැය යෝජනා අනුව රජයේ හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන සහ  අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා
    වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

    ශ්‍රී ලාංකිකයින් සතුව පැවති සහජ ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවීම මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරයි. මේ යටතේ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක් ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 03ක්, මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සළසන යෝජනා ක්‍රම 02ක් ඇතුළත්ව යෝජනා ක්‍රම 16ක් යටතේ සහන සළසනු ලැබේ. ඒ අනුව මේ වනවිට 12,405ක් පමණ වන ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 30කට අධික අරමුදල් සපයනු ලැබ තිබේ.

    2018 වර්ෂය සඳහා මේ යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම වෙනුවෙන් පොළී සහනාධාර ගෙවීම සඳහා පමණක් රජය විසින් රුපියල් මිලියන 5,250ක් වෙන් කර තිබෙන අතර, එමඟින් ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් ඇති කිරීම මෙන් ම එතුළින් නව රැකියා 50,000ක් බිහි කිරීමට අපේක්ෂා කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya