කුරුණෑගල පොතුහැර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රු.මි. 15 ක වියදමින් ඉදිකර තිබූ පරිගණක පුහුණු මධ්‍යස්ථානය අමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි.
ඊට අමතරව එම මධ්‍යස්ථානයේ දී වයඹ ගොවි සංවිධාන නියෝජතයින් සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් ඉදිරි කටයුතු උදෙසා ගොවි ජනතාවගේ අදහස් හා යෝජනා විමසනු ලැබීය.
එහිදී ගොවිමහතුන් විසින් ප්‍රකාශ කළේ වනසතුන්ගෙන් සිදු වන හානිය අවම කිරීම සඳහා රජයට මැදිහත් වන ලෙසයි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආහාර බෝග වලට වනසතුන්ගෙන් වන හානිය කොපමණදැයි මෙතෙක් නිවැරදිව ගණන් බලා නැති බවයි. නමුත් දැනට තිබෙන වාර්තා අනුව අලියා, රිලවා, වඳුරා, ලේනා, දඬු ලේනා, ගිරවු සහ ඉත්තෑවෝ ඇතුළු වන සතුන් රැසක් ආහාර බෝග විනාශ කරන බවත් දළ වශයෙන් එය වාර්ෂිකව 30% ත් 35% ත් අතර ප්‍රමාණයක් වන බවයි.
එම නිසා වන සතුන්ගෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා දිගු කාලීන පියවරක් අනුගමනය කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.