අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුව අමතයි

    මාර්තු 11, 2018

    ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව නිල්වන් පවිත‍්‍ර මිහිතලයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ප‍්‍රබල පිටුවහලක් ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

    ඉන්දියාවේ නවදිල්ලි නුවර රාෂ්ට‍්‍රපතිභවන්හි දී අද (11) පෙරවරුවේ පැවැත්වුණු ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංවිධානයේ සමාරම්භක උළෙල අමතමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බවපැවසීය.

    සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ, බලශක්ති අර්බුදය ලොව දියුණු රටවලට මෙන්ම ශ‍්‍රී ලංකාවට ද බලපා ඇති බවත් ඊට පූර්ව සූදානමක් ලෙස සූර්ය බල සංග‍්‍රාමය නම් ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාව තුළ මේ වනවිටත් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත්ය.

    මෙම ව්‍යාපෘතිය යටතේ 2025 වසර වනවිට මෙගාවොට් දහසක විදුලිබල ධාරිතාවක් උත්පාදනය කිරීමට හැකිවනු ඇති බව සදහන් කළ ජනාධිපතිතුමා, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වලට උපයෝජනය සඳහා මෙගාවොට් 1-10 දක්වා වූ ධාරිතාවයකින් යුතු සූර්ය බලාගාර පිහිටුවීමේ වැඩසටහනක් ද ශ‍්‍රී ලංකාව තුළ දැනටමත් ක‍්‍රියාත්මක කෙරෙමින් පවතින බව ද සඳහන් කළේ ය.

    මෙවැනි සමුළු සඳහා ශ‍්‍රී ලංකාව නොමදව කැපවන බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම සමුළුව සඳහා ලබාදෙන නායකත්වය පිළිබඳව ප‍්‍රංශ ජනාධිපතිවරයාට සහ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට සිය ප‍්‍රසාදය පළ කළේ ය. බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට සූර්ය බලශක්ති තාක්ෂණය වැඩිදියුණු කරගැනීම, සූර්ය බල ව්‍යාපෘති සඳහා යන පිරිවැය අවම කරලීම ඇතුළු ක්ෂේත‍්‍රයේ සංවර්ධනයට අදාළ වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ප‍්‍රථම වරට මෙම සමුළුව පැවැත්වේ.

    ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා සහ ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්‍රොන් මහතා විසින් සංවිධානය කළ මෙම සමුළුවට ශ‍්‍රී ලංකා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ලොව රටවල් රැසක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් හා රාජ්‍ය තාන්ත‍්‍රිකයින් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya