අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනටමත් ස්මාර්ට් ජාතික හැඳුම්පත් 75,000 ක් නිකුත් කරලා - කොමසාරිස් ජනරාල් කියයි

    දෙසැම්බර් 05, 2017

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඩිජිටල් ක්‍රමයට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කිරීමෙන් පසු මේ වන විට නව ස්මාර්ට් හැඳුනුම්පත් 75,000 ක් පමණ නිකුත් කොට තිබේ.

    මෙම හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා මහජනයා තුළ දැඩි උනන්දුවක් පවතින බවත් දිනකට තම දෙපාර්තමේන්තුව මගින් ස්මාර්ට් හැඳුනුම්පත් 1500 ක් පමණ නිකුත් කරන බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා රජයේ පුවත් වෙබ් අඩවියට පැවැසීය.

     

    වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පළමු වතාවට ජාතික හැඳුනුම්පතක් ඉල්ලා සිටින අයට, තම ජාතික හැඳුනුම්පත අස්ථාන ගත වී ඇති අයට සහ තම ජාතික හැඳුනුම්පත දුර්වර්ණ වී අපැහැදිලි තත්ත්වයක පවතින අයට ස්මාර්ට් ජාතික හැඳුනුම්පත ලබා ගත හැක.

     

    නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත පසුගිය ඔක්තෝම්බර් මස 27 වැනි දින නිකුත් කිරීම ආරම්භ කළ බව කී කොමාසරිස් ජනරාල්වරයා ඉදිරියේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිත බැවින් ජාතික හැඳුනුම්පත් ලබා ගන්නා පිරිස ඉදිරි කාලයේ දී සීඝ්‍රයෙන් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවැසීය.

     

    නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පතේ තොරතුරු භාෂා 3න්ම ඇතුළත් කොට ඇති අතර ඒ සඳහා ලබාදෙන අයඳුම්කරුගේ ඡායාරූපය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිර්ණායකයන්ට අනුකූල විය යුතුය.

     

    මේ අතර ඉදිරි කාලයේදී ජාතික හැඳුනුම්පතට අයදුම්කරුගේ ඇඟිලි සළකුණ ද ඇතුළත් කෙරෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය නීති ඇතුළත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ආඥා පනත පාර්ලිමේන්තුව විසින් සංශෝධනය කොට ඇති බව ද ගුණතිලක මහතා කීය.

     

    මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් අයදුම්පත් 350,000 ක් පමණ ලැබී තිබූ අතර ඉන් 98%කටම මේවන විට ජාතික හැඳුනුම්පත් ලබාදී තිබෙන බවත් ඉතිරි සුළු ප්‍රමාණය ඉදිරි දින දෙක තුන තුළ සකසා අවසන් කරන බවත් කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කෙළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya