අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සසුනෝදය” ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි

    දෙසැම්බර් 04, 2017

    පින්බිම් දොළොස්දහසක් යළි අස්වද්දන මහා ජාතික යහ මෙහෙවර ⁣යන්න තේමා කරගනිමින් ක්‍රියාවට නංවා ඇති “සසුනෝදය” ජාතික වැඩසටහනේ ආරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අද (04) අරලියහග මන්දිරයේදී පැවැත්වේ.

    මෙහිදී වෙහෙර විහාරස්ථාන 850ක් සඳහා මුල්‍ය ප්‍රතිපාදන පරිත්‍යාග කිරීමට නියමිතයි.

    බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් එකවර මෙවැනි දැවැන්ත වැඩසටහනක් මෙරට ක්‍රියත්මක වන ප්‍රථම අවස්ථාව ද මෙය වන අතර පළමු අදියර යටතේ උතුරු නැගෙනහිර ද ඇතුළුව වෙහෙර විහාරස්ථාන 1,000ක් මෙහි මූලික අදියර යටතේ සංරක්ෂණය කොට සංවර්ධනය කිරීම  සිදු වේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 500 ක් පමණ වේ.

    මෙරට අතීත  උරුමයන් නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම මේ සඳහා යොදා ගැනීමද විශේෂත්වයක්. පසුගිය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ වංචා දූෂණ අක්‍රමිකතාවන්ට තිත තබමින් වර්තමානයේ විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම හා නායකත්වය යටතේ මෙරට පුරා විද්‍යාත්මක උරුමයන් මෙන්ම කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් ඵලදායී වැඩසටහන් රැසක් දියත් කිරීමට අද වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකි වී තිබේ.


    මීට පෙර විහාරස්ථාන 150 සඳහා මුල්‍ය ප්‍රතිපාදන පිරිණැමුනු අතර මේ වන විට එම විහාරස්ථාන බොහොමයක සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු අවසන් කර තිබීමද විශේෂත්වයක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya