මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නාවික හමුදාපති ගුවන් හමුදාධිපති හමුවෙයි

    නොවැම්බර් 24, 2017

    නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා  නාවික හමුදාපති ධුරයට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ ප‍්‍රථම වරට නිළ සංචාරයක නියරත විය.

    නව නාවික හමුදාපතිවරයා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයමිපති මහතා අතර නිළ හමුව ගුවන් හමුදා මුලස්ථානයේදි ඊයේ (23) සිදු විය.

    ගුවන් හමුදා මුලස්ථානට පැමිණි නව නාවික හමුදාපතිවරයා ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයේදි ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් ජි. ජි. ඩබ්. ටී. කේ. ගුණවර්ධන  මහතා විසින් පිළිගත් අතර නව නාවික හමුදාපතිවරයා වෙත ගුවන් හමුදා ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.

    මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයමිපති මහතා නව නාවික හමුදාපති තුමන්  සමග සුහද කතාබහකද නිරතවිය. අනතුරුව දෙපාර්ශවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු පලක හුමවාරු කරගත් අතර නාවික හමුදාපති විසින් සමරු සටහනක් තැබීමද සිදුවිය.

    මෙම අවස්ථාව සඳහා සහභාගි වු ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්ද නව පත්වීමි ලද නාවික හමුදාපතිවරයා වෙත සුබ පැතුම් එක්කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya