අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 අවසානයේ ''නිල සෙවණ" කාර්යාල 14,000ක්

    නොවැම්බර් 16, 2017

    2020 අවසානය වනවිට ''නිල සෙවණ" කාර්යාල 14,000ක් ඉදිකරන බවත් රාජ්‍ය සේවය ගමේ ජනතාව අතරට ම ගෙන යාම සඳහා ඉන්මහඟු අවස්ථාවක් ලැබෙන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    ඒ වගේ ම අපි ග්‍රාම නිලධාරී සේවය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ''නිල සෙවණ" කාර්යාල 1000ක් වසරක කාලයක් ඇතුලත රටපුරා ඉදිකරන බව පෙන්වා දුන් අමාත්‍යරවයා  මෙම ව්‍යාපෘතිය මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කළුතර පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් ලක්ෂ 780ක වියදමින් ඉදිකෙරෙන නව තෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා  එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    නිවාස සංකීරන ඉදිකරන විටද ග්‍රම නිලධාරී නිල සෙවණ කාර්යාලයක් සඳහා එම ගොඩනැගිල්ලේ ඉඩක් ලබාදිය යුතු අතර එසේ නොවන විට එම ඉදිකිරීම සඳහා අනුමැතිය නොලැබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පමණක් සෑම ග්‍රාම නිලධාරී වසමක් වෙනුවෙන් ම රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති බවත්  ඒ අනුව දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී වසම් වෙනුවෙන් රුපියල් කෝටි 3500ක් ග්‍රාමීය සංවර්ධනයට යෙදවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     
    මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික, කලා හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන පී.ඩී.අබේරත්න මහතා සහ කීර්ති කාරියවසම් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya