ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සමග අද සවස පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියළුම ශ්‍රේණි සඳහා මාස තුනක් ඇතුලත නව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට කමිටුවක් පත් කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 3ක් සඳහා ඉදිරිපත් වූ විසඳුම් වලට දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකග වූ බවත් ඒ අනුව යෝජිත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කල බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.