කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර මෙම පෙට් ස්කැනර් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා ධානපතීන් විසින් ආධාර එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇත.
පෙට් ස්කැනර් යන්ත්‍රය ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියට වැඩි කාලයක් ගත වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස 09 -15 ත් අතර කාලයක් ගත වන බව ද සඳහන් කළේය.
එහිදී තවත් සමාගමක් අභියාචනයකුත් ඉදිරිපත් කර තිබුණු අතර එම නිසා පෙට් ස්කැනර් යන්ත්‍රය ලබාගැනීම ප්‍රමාද වුවද මේ වන විට එය ඇණවුම් කර තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
පෙට් ස්කැනර් යන්ත්‍රය මගින් රෝගියෙකු එක්වරම පරීක්ෂා කළ හැකි අතර අවයව මෙන්ම රුධිර සංසරණය ද පරීක්ෂා කිරීමට හැකියාව තිබෙන බවත් ලෝකයේ වෙනත් රටවල සෞඛ්‍ය සේවා සඳහා රජයේ ආධාර මෙන්ම පෞද්ගලික අංශයේ ආධාර ද රෝහල්වලට ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.