අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහළ මල්වතුඔය ව්‍යෘපෘතිය යටතේ විදුලි බලාගාරයක්

    ඔක්තෝබර් 09, 2017

    පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් රටටත් ජනතාවටත් උපරිම ප‍්‍රතිලාභ ලැබෙන පරිදි ව්‍යාපෘති සැලසුම් කිරීමට පිියවර ගත යුතු බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    පසුගියදා අමාත්‍යංශයේ පැවති නිලධාරී හමුවකදී  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඉදිකිරීමට යෝජිත විදුලි බලාගාරය මගින් ගිගාවොට් පැය 4.68 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට ලබා දීමට නියමිතයි.  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වය මත මෙම ව්‍යාපෘතියද ක්‍රියාත්මක වේ. එම බලාගාරය ඉදිකිරිමෙන් අනතුරුව එය පවත්වාගෙන යාමේ වගකීම ලංකා විදුලි බල මණ්ඩලය වෙත පවරන බව අමාත්‍යවරයා සඳහන් කළේ.

    විදුලි බල උත්පාදනය සඳහා යොදා ගන්නා ජලය වාරි ඇල මාර්ග කිහිපයක් ඔස්සේ කුඩා වැව් වෙත යොමු කිරීමටද සැලසුම් කර තිබේ. මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියට සමගාමීව කුඩා වැව් 100 ක් ඉදිකිරීමට නියමිතයි. උග‍්‍ර ජල හිගයකට ගොදුරු වී ඇති වගාබිම් වෙත ජලය සැපයීම කුඩා වැව් ව්‍යාපෘතියේ අරමුණයි. මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය මගින් වගාබිම් අක්කර 40,000 ට ජලය සැපයීමට සැලසුම් කර තිබේ.

    මේ වන විට ජලාශ ව්‍යාපෘතියේ මූලික අදියරේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ. ප‍්‍රධාන ව්‍යාපෘති කාර්යාලය තන්තිරිමලේ ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින අතර යෝධවැව දක්වා දිවෙන පෝෂිත ඇල මාර්ගයේ ඉදිකිරීම්ද සිදු වෙමින් තිබේ.

    වසර තුනක් ඇතුලත සමස්ථ ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සිය අපේක්‍ෂාව බවයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසූයේ.  ශී‍්‍ර ලංකාවේ ඉදිවන තුන්වන විශාලම ජලාශය ද වන පහළ මල්වතුඔය ජලාශයේ අපේක්‍ෂිත ජල ධාරිතාව  අක්කර අඩි 169440 කි.

    වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ටී.පී අල්විස් යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya