නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් රැකියා ලබාදීමේ වැඩසටහනක් නැහැ - අගමැති කාර්යාලය Featured

    සැප්තැම්බර් 28, 2017
    ජපානයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන බව හා එම වැඩසටහන් හරහා ජපානයේ රැකියා සඳහා යවන බව පවසමින් විවිධ පුද්ගලයින් සහ ආයතන මුදල් ඉල්ලා සිටින බවට අග්‍රාමාත්‍ය කාර්යාලයට වාර්තා වී ඇතැයි එම කාර්යාලය සඳහන් කරයි. 
     
    අග්‍රාමාත්‍ය කාර්යාලය එවැනි කිසිඳු වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන අතර, එවැනි කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලය ලබා දී නොමැති බවත්, යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් එසේ මුදල් ඉල්ලා සිටින්නේ නම්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසට අග්‍රාමාත්‍ය කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya