මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල්වලා විද්‍යා පීඨයෙන් වාර්තාවක් කැඳවයි

    සැප්තැම්බර් 24, 2017

    නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදු වී ඇති බව පැවසෙන නවක වද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර මහතාට නියෝග කර තිබේ.  

    නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇති අයිතීන් තහවුරු කරමින් නවක වද සිද්ධිය වැළැක්වීම සියලුදෙනාගේ අරමුණක් වියයුතු මොහොතක ගුරුවරුන් වීමට ඉගෙන ගන්නා සිසුන්ගේ විනය හා ශික්ෂණය පිරිහීයාම බරපතල ගැටලුවක් බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මීට පෙර ශ්‍රීපාද විද්‍යාපීඨයේ මෙවැනිම ආකාරයේ නවක වද සිද්ධියක් වාර්තා වූ අතර ඊට සම්බන්ධ වූ සිසුන් අට දෙනෙකුගේ පන්ති තහනමක් සිදු වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙවැනි සිද්ධියක් ඇතිවීම සඳහා නිල්වලා විද්‍යාපීඨයේ ඇති වූ සිද්ධිය පිළිබඳව ද සොයා බලා ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya