මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්ලින්ටෙක් ඇකඩමියෙන් නැනෝ සහ උසස් තාක‍්ෂණ දර්ශනපති උපාධිය

    සැප්තැම්බර් 22, 2017
     
    ශ්‍රී ලංකා නැනෝ  තාක‍්ෂණ පෞද්ගලික සමාගමට අනුබද්ධව ආරම්භ කර ඇති ස්ලින්ටෙක් ඇකඩමිය මඟින් නැනෝ සහ උසස් තාක‍්ෂණය පිළිබඳ දර්ශනපති උපාධි වැඩසටහන (MPhil Degree)විද්‍යා, තාක‍්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2අද (22)පස්වරු  4.00 ට ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී ආරම්භ කෙරේ.
     
    රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මීට වසර කීපයකට ඉහතදී හෝමාගම පිටිපන ප්‍රදේශයේ ආරම්භ කළ ශ්‍රී ලංකා නැනෝ  තාක‍්ෂණ ආයතනය මෙරට ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකිය හැකිය. එම ආයතනයේ නවතම වැඩසටහනක් ලෙස ස්ලින්ටෙක් ඇකඩමිය ආරම්භ කිරීම සිදුවන අතර, මුල්‍ය ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් බැහැරව අනාගත ලෝකයට අවශ්‍ය ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් බිහි කිරීමේ අරමුණ ඇතිව මෙම ඇකඩමිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති ක්‍රියාකාරී විද්‍යාඥයින්ගේ සංඛ්‍යාව 4000 ක් පමණ වේ.  අප රටේ දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් 8000 වැනි අගයක්  දක්වා ඉහළ නැංවමින් ඉහළ මධ්‍ය ආදායම්ලාභී රටක තත්ත්වය කරා ළඟා වීමේ  ඉලක්කය  සාක්ෂාත් කර ගැනීමට  නම් අනිවාර්යෙන්ම මෙරට ක්‍රියාකාරී විද්‍යාඥයින්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 20000 ක් පමණ දක්වා වැඩි කර ගැනීම අවශ්‍ය වේ.  එසේම 0.9% පමණ ප්‍රතිශතයක පවතින උසස් තාක්ෂණය මත පදනම්ව අගය එකතු කළ නිෂ්පාදන ලෙස අප විසින් සිදු කරන අපනයනයන් එම ප්‍රතිශතයේ සිට 10% ක  වැනි ප්‍රතිශතයක් දක්වා ඉහළ නැංවීමත්  කළ යුතුය. මේ ඉලක්ක ජයගනිමින් වේගවත් ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීමට නැනෝ තාක්ෂණ ක්ෂේත්‍රය යොදා ගැනීමට හැකියාව ලැබී තිබේ.
     
    නැනෝ තාක්ෂණ ක්ෂේත්‍රය පුළුල්ව ක්‍රියා කරවීමට අවශ්‍ය විද්‍යාඥ ශ්‍රම බලකාය මෙරටදීම නිර්මාණය කිරීමට දායක වීම ස්ලින්ටෙක්  ඇකඩමිය ආරම්භ කිරීමේ පරමාර්ථය වේ. ඒ අනුව ඉදිරියේදී ස්ලින්ටෙක් ආයතනයට බඳවා ගන්නා උපාධිධාරි ශිෂ්‍යයින් හට වර්ෂ 02 ක කාලයක් එම ආයතනය තුළ පර්යේෂණ වල නිරත වෙමින් නැනෝ සහ උසස් තාක්ෂණය පිළිබඳ දර්ශනපති උපාධිය ( MPhil Degree) හැදෑරීමට අවස්ථාව මේ සමඟ උදා වේ.
                      
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya