අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් පද්ධතියට විශේෂ සනීපාරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි - ඇමැති රවුෆ් හකීම් Featured

    සැප්තැම්බර් 11, 2017

    ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් විශාල මුදලක් වෙන් කර ඇති බවත් පසුගිය වසර තුළ පාසල් 3,000 සඳහා සනීපාරක්ෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බවත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

    මෙම වැඩපිළිවෙළ පාසල් පද්ධතිය තුළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂයෙන් ගැහැණු දරුවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටයුතු කර තිබෙන බව ද සඳහන් කළේය.

    සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවේ (SACOSAN) 10වැනි අන්තර් කලාපීය කමිටු රැස්වීම නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කොළඹදී  ආරම්භ වූ අතර එය හෙට (12) දිනයේදී ද පැවැත්වේ. එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇති බවයි.

    2018 වර්ෂයේ පකිස්ථානයේ පැවැත්වීමට නියමිත හත්වන සමුළුව සංවිධානය පිළිබඳ ඒ ඒ රටවල් ඉලක්ක පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු කලාපීය මධ්‍යස්ථානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිලධාරින් අතර සාකච්ඡා කිරීමේ අරමුණින්  මෙම කමිටු රැස්වීම පැවැත්වෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට සඳහා විදේශීය රටවල නියෝජිතයන් 26 දෙනකුගෙන් හා දේශීය නියෝජිතයන් 30 සහභාගි වෙති.

    පස්වන සකොසාන් සමුළුවේ දී ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු කලාපීය මධ්‍යස්ථානය පිහිටුවීමට කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන්  එය කොළඹ දී ස්ථාපිත කළ අතර ඉදිරියේ දී එය මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යරයා වැඩිදුරටත් පැවසීය.

     

     MG 7098

     

     MG 7183

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya