අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්වඥ ධාතුන්වහන්සේ සහ අග්‍ර ශ්‍රාවක ධාතූන්වහන්සේලා මහජන වන්දනාවට විවෘත කරයි Featured

    ජූනි 10, 2017

    ක්‍රි.පූ 02 සියවසට අයත්‍ ඓතිහාසික බුද්ධංගල පුදබිමෙහි සෑම වසරකම පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කොට පැවැත්වෙන බුද්ධංගල චෛත්‍ය ගර්භයෙහි තැන්පත්කොට ඇති සර්වඥ ධාතුන්වහන්සේ සහ අග්‍ර ශ්‍රාවක ධාතූන්වහන්සේලා පිටතට වැඩම කරවා මහජන වන්දනාවට විවෘත කිරීම  කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    දහස් ගණනක් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම පූජෝත්සව සභාවේ මුලසුන දැරූ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති අක්මීමන ධම්මපාල හිමිපාණන් වහන්සේ බුද්ධංගල ආරණ්‍ය සේනාධිපති රාජකීය පණ්ඩිත දීඝවාපියේ සුසීම හිමිපාණන්වහන්සේ සහ බුද්ධංගල ආනන්ද හිමියන් මෙහිදී අනුශාසනා පැවැත්වූහ.

    මෙහිදී කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙළත් සමග බෞද්ධ ලෝකයේ අවධානය අප රටට යොමුව ඇති මොහොතක මුළු ලොවටම ආදර්ශයක් දීමේ අවස්ථාව අපට ලැබී ඇති බවය.

    ඉන් අනතුරුව ‍ඓතිහාසික දීඝවාපිය සහ දීඝවාපී  පරිවාර චෛත්‍ය පුදබිම් 02 වෙත ද ගිය කථානායක කරු ජයසූරිය මහතා පෙහෙවස් සමාදන් වූ බැතිමතුන් උදෙසා සිදු වූ දානමය කටයුතු සහා දායක විය.

    මෙම අවස්ථාව නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියාණි විජේවික්‍රම, හිටපු අමාත්‍ය පී.දයාරත්න යන මහත්ම මහත්මීහු ද එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya