මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය ලබන 12 දා

    ජූනි 09, 2017

    ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය  ලබන 12 දිනට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “ගැටුම් හා ආපදාවන් හී ප්‍රතිඵලයක් ලෙස ළමයින් ශ්‍රමිකයින් වීම වළක්වමු!” යන්නයි.

     ළමා ශ්‍රමිකත්ව ගැටලුව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැඩසටහන් කිහිපයක් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

    විශේෂයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වර්තමානය වන විට ගමින් ගමට මෙන්ම පාසලින් පාසලට ගොස් ප්‍රජාව වෙත සමීප වෙමින් වැඩකටයුතු සිදු කරනු ලබන අතර, ළමා ශ්‍රමිකත්වය තුරන් කිරීම සඳහා එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත. එමෙන්ම අනිවාර්ය අධ්‍යාපනය නොලබන දරුවන් පාසල් ගත කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වර්තමානය වන විට සිය යාන්ත්‍රනය මෙහෙයවමින් සිටී.

    විශේෂයෙන් යම් පුද්ගලයෙකු විසින් ළමයෙකු ශ්‍රමිකයෙකු ලෙස භාවිත කරන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙස ළමා ආරක්ෂක අධිකාරිය සැමගෙන් ඉල්ලා සිටි.

    එමෙන්ම ළමයින් ශ්‍රමිකයන් ලෙස භාවිත කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටද මෙම අධිකාරිය කටයුතු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya