නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    නිපුණ ශ‍්‍රම බලකාය අද සිට වැඩ අරඹයි Featured

    ජූනි 01, 2017
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය මගින් පිහිටුවන ලද නිපුණ ශ‍්‍රම බලකාය අද (01)  සිට වැඩ ආරම්භ කරන බව  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය සඳහන් කරයි.
     
    මෙහි සමාරම්භක උත්සවය අද ගාල්ල අංක 132, සමුද්‍ර මාවත ලිපිනයෙහි පිහිටි NIBM ආයතනය අසලින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වේ.
     
    අයහපත් කාළගුණික තත්ත්වය නිසා විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා වූ ආයතන ප‍්‍රධානින්ගේ රැස්වීමේදී මෙම පුහුණු ශ‍්‍රම බලකාය පිළිබඳ අඳහස අමාත්‍ය චන්දිම වීරක්කොඩි විසින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති සියලු ම පුහුණු ආයතනවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් හා ආචාර්ය මණ්ඩලයන්ගෙන් මෙම බලකාය සමන්විතවනු ඇත. 
     
    හානියට පත් නිවාස හා දේපළ ප‍්‍රතිසංස්කරණය කොට ජතතාවට සහන සැලසීම මෙන්ම සිසු සිසුවියන්ට තමන් පිළිබඳ ව අභිමානයක් ලබා දීම ද මෙම වැඩසටහනේ අරමුණක්  බව අමාත්‍යවරයා පවසයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya