නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩාවට පත් ජනතාවට විදුලි සහන රැසක්

    මැයි 29, 2017

    ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදුලිබල සහන රැසක් ලබාදී තිබෙන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    රත්නපුර දිස්ත්‍රික්කට ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් ලක්ෂයකට වැඩි විදුලි සම්බන්ධතා සංඛ්‍යාවක් විසන්ධි වූ අතර මේ වන විට එය පවුල් 60,000 දක්වා අඩුවී තිබෙන බවත් මාතර පවුල් 136000ක විදුලි විසන්ධි වූ අතර මේ වන එය 40,000 දක්වා අඩු වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    කළුතර පවුල් 40,000ක සහ ගාල්ලේ පවුල් 22,000ක මේ වන විට විදුලි විසන්ධිව පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ආපදා තත්ත්වයන් අඩුවන ප්‍රදේශවලට වෙනත් ප්‍රදේශවල සේවකයින් යොද විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා නෙළුව රෝහලට ද ඡංගම විදුලි ජනන යන්ත්‍ර‍යක් ලබාදීමට කටයුතු කර තිබෙන බව ද සඳහන් කළේය.

    විදුලි විසන්ධි වීම් දැනුම් දීම සඳහා 0113030303 යන විශේෂ හදිසි දූරකතන අංකයක් ලබා දී තිබෙන බවත් විශේෂ කණ්ඩායම් යොදවා උපරීම විදුලි පහසුකම් ලබාදීමට සූදානම් බව ද ඒ මහතා සඳහන් කළේය.

    ආපදාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා චක්‍ර‍ලේඛයක් නිකුත් කර තිබෙන බවත් ඒ අනුව නොමිලේ විදුලි සම්බන්ධතා ලබාදීම, හානියට පත් විදුලි මීටර් වෙනුවෙන් නොමිලේ නව විදුලි මීටර් ලබාදීම, වයර්ලින් කිරීම නොමිලේ පරීක්ෂා කිරීම, හිඟ බිල්පත් පියවීම සඳහා මාස 6ක සහන කාලයක් ලබාදීම යනාදී සහන රැසක් ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya