අමාත්‍යවරයා මේ බව පැවසුවේ බලශක්ති සංරක්ෂණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවත්වූ පාඨමාලාව සාර්ථකව නිමකළ මාධ්‍යවේදීන්ට සහතිකපත් බෙදාදීම සඳහා පසුගියදා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
පැමිණි සිටි පිරිස අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පවසා සිටියේ,
"අද බලශක්ති සංරක්ෂණය කියන්නේ ලංකාවේ පමණක් නෙමෙයි සමස්ත ලෝකයටම තිබෙන අභියෝගයක්. මේ දවස්වල එළි වෙන්නේ රෑ වෙන්නේ මේ ගැටළුව ගැන හිතලා. අපි තවමත් 40% කට වඩා භාවිතා කරන්නේ ජල විදුලිය. ලෝකෙ රටවල් අතරින් අපි 11 තැන ඉන්නවා ජල විදුලි නිෂ්පාදනයෙන්. 2400 මෙගාවොට් අවශ්‍යය වෙද්දි අපි ළඟ මෙගාවොට් 3900 ක ධාරිතාවක් තියෙනවා. නමුත් ඉන් වැඩි කොටසක් දේශගුණික සාධකත් සමග බැඳිලා තිබෙන්නේ. මේ වනවිට මෝසම් 03 ක් අසාර්ථක වෙලා තියෙන්නේ. අපි ලඟ දැන් මුළු ධාරිතාවයෙන් 32% පමණයි ජලය තිබෙන්නේ. ඒ වගේම මීතොටමුල්ල සිද්ධියත් අපිට අහිතකර ලෙස බලපෑවා. නොරොච්චෝලෙත් 38 වන වතාවටත් අළුත්වැඩියා කරන්න වෙලා. විදුලි ක්ෂේත්‍රය පැත්තෙන් මේ විදියට ගැටළු ඇතිවෙද්දි, උෂ්ණත්වය වැඩිවීමත් අපිට විශෘල ගැටළුවක් වෙලා. දිවා කාලයේ විදුලි ඉල්ලූම 18% කින් වැඩිවෙලා. රාත්‍රී වැඩ 10% කින් වැඩිවෙලා. කොහොමද අපි මේ වැඩි වෙන විදුලි ඉල්ලූමට මුහුණ දෙන්නේ. වතුරත් නෑ, සුළඟත් නැහැ. ඒ නිසා අපිට වැඩිපුරම තෙල් සහ ගල් අඟුරු යොදාගනිමින් තමයි විදුලිය නිෂ්පාදනය කරන්න වෙලා තියෙන්නේ. ඒ සඳහා අපිට විශාල මුදලක් වැය කරන්න වෙනවා. නමුත් ජනතාවට ඒ බර පටවන්න අපි සූදානම් නැහැ. මේක ආපදාවක්. වසර 30කට පස්සේ මෝසම් 03ක් අක්‍රීය වූ අවස්ථාවක්. මේ ආපදාව ජයගන්නනම් ඒ සඳහා මහජනතාව යොමුවිය යුතු බවයි."