මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු විභාගය ලබන 8 දා

    අප්‍රේල් 02, 2017

    දිවයිනේ ජාතික පාසල්වල පවතින අ.පො.ස. (උ.පෙළ) සිංහල, දෙමළ හා ඉංශ්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2017 විභාගය ලබන 8 වන දින කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 11275ක් අයදුම්කර තිබෙන අතර  කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 73කදී විභාගය පැවැත්වේ.

    සියලුම අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශපත්‍ර‍ මේ වන විටත් තැපැල් කර යවා තිබෙන බවත් ප්‍රවේශපත්‍ර‍ සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංක මඟින් අප දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට කටයුතු කරන ලෙස කොමසාරිස්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටි.

    දූරකතන අංක - 0112785230/0112177075 හෝ
    0112786200,2784201,2785202,2784203,2784204,2786205,2784206,2787207 මඟින් දිගු අංක 275,401,413

    ක්ෂණික ඇමතුම් - 1911 ( පැය 24 පුරා)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya