අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කිසිවක් කරන්නේ නැහැ- සංහිඳියාවේ මාවත සොයායාම ආරම්භ කර තිබෙනවා Featured

    මාර්තු 23, 2017

    රටේ සියලු ජනතාවට තම ආත්ම අභිමානය ආරක්ෂා වන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න මූලික කටයුතු කරගෙන යනවා.අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කිසිවක් කරන්නේ නැහැ.අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නිර්මාණය කළ හැකි මාර්ගයක් හරහා රටේ සංහිදියාව සොයාගැනීමේ මාර්ගය ආරම්භ කර තිබෙනවා යැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය විවාදයට ගත් අවස්ථාවේ දී ය.

     

    අපිට උපරිම වශ‍යෙන් අවශ්‍ය වන්නේ ර‍ටේ ජනතාවට යුක්තිය හා සාධාරණයත්වය ඉටු කරන්නයි. පැවැති රජය යුද්ධය අවසන් වූ වහාම සංහිඳියාව වෙනුවෙන් යම් උත්සාහයක් ගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා යම් යම් අහිතකර තීන්දුවලට අපේ රට තල්ලු කරන්නට ඒ රජයේ තත්ත්වයන් මත කටයුතු කළා. සත්‍ය සොයා ගැනීමේ යාන්ත්‍රණයක් ගේන්න අවශ්‍ය වෙනවා, ඒ වෙනුවෙන් විදේශීය විනිසුරුවන් අවශ්‍ය බවට ඇතැමුන් ප්‍රකාශ කරනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කිසිවක් කරන්නේ නැහැ. සත්‍ය සෙවීමේ වගකීම අපිට පැවරී තිබෙනවා. මේ රටේ පුරවැසියන්ට සහන දීමේ වැඩපිළිවෙලකට රජය යායුතු වෙනවා. නමුත් මේ සොයායාම් තුළ ප්‍රශ්න තිබෙන්න පුළුවන්. යුද්ධය අවසන් වූ පසුරණවිරුවන් දඩයම් කිරීමේ වැඩපිළිවෙලක් රජය විසින් ගෙනයන බවට විවිධ ප්‍රචාර ගෙනයනවා. අපේ රටේ සංහිඳියාවේ මාවත සොයායාම ආරම්භ කර තිබෙනවා.


    අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නිර්මාණය කළ හැකි මාර්ගයක් හරහා රටේ සංහිදියාව සොයාගැනීමේ මාර්ගය ආරම්භ කර තිබෙනවා. මේ වනවිට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අකටයුතු ආරම්භ කර තිබෙන්නේ. අද සියලු පක්ෂ එකතුවෙලා, රටේ සියලු ජනතාවට තම ආත්ම අභිමානය ආරක්ෂා වන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න මූලික කටයුතු කරගෙන යනවා. ඇතැමුන් පටු වුවමනා ඉටු කර ජනතාව නොමඟ යවන්න හදනවා. බුද්ධගමට නිසි තැන අහිමි වෙනවා කියලා කියනවා. ඒ ගැන කමිටුව තීරණයකට ඇවිත් නෑ. බුද්ධාගමට ලැබෙන නිසි තැන ලැබෙන්න ඕන. අනෙකුත් ආගමික් අනායකයින් විරෝධයක් දක්වා නෑ. සියලු ජනතාවගේ ජීවිත වැදගත් කම සළකන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

     

    අපි රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රිකභාවය, මිත්‍රශීලීත්වය ආරක්ෂා කරගමින් අපි කරන්නේ අපේ ජනතාව වෙනුවෙන් අවශ්‍යතා ඉටු කිරීමයි. එක් පත්තකින් කියනවා යාන්ත්‍රණ දාලා දඬුවම් කරන්න,කියලා, අනෙක් පැත්තෙන් කියනවා සංහිදියාව ගේන්න කියනවා. මේක රේල් පීලි දෙකක් වගේ. මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් ජීවිත පරදුවට තියලා, සටන් කළ හමුදාවල පොලීසිවල නිලධාරී කැළඹෙනවා.නැවත විරසක ඇතිවෙනවා. අපසු යුද්ධයකට තල්ලු කරන මාවතක්. මෙය විසඳන මාර්ගය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.ඒවා වළක්වාගැනීමට මේ පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා.


    සාමයේ දී වීරයන් නෑ. ගැටුමේ දී වීරයන්  බිහි වෙනවා.සාමය රකින එක අපේ හදවත් වලින් එන්න ඕන. ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් කිව්ව ලෙසට මේ රටේ අවුරුදු තිස් ගණනකින්වත් වෙන්නේ නෑ කිව්ව,දේශපාලන පරිවර්ථනය කළා. අතිගරු ජනධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමත් එකතු වෙලා, මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක  එකට එකතු වෙලා, ආණ්ඩුවක් හදලා, ඒ පරිවර්තනය කළා. 19 වන සංශෝධනය ගෙනැල්ලා, රටේ යහපාලනය ඇති කළා. මාධ්‍යයෙන් යහපාලනය විවේචනය කරන එක හොඳයි. අපි බොහොම විවෘත්තයි, ප්‍රජාතන්ත්‍රවාදීයි. විවේචනවලට ඔරොත්තු දෙනවා. විවේචනවලට සාධාරණ පදනමක් තිබිය යුතුයි. එසේ නැතුව කරනවා නම් ඒ රටේ යහපලනය කනපිට පෙරළන්නයි හදන්නේ. එදා මාධ්‍යවේදීන්ගේ කට කැපුවා, රටෙන් පැන්නුවා. අපි පොලීසිය ස්වාධීන කළා. කොමිෂමක් පත් කළා. අපිට නියෝග දෙන්න අවශ්‍ය නෑ.

     

    අපි මේ නීති පැනවීමේ දී යහපලනය ඇති කර තිබෙනවා. අපි සැහෙන්න වෙනසක් කරල තිබෙනවා. අපි සුහද රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට අපිට සීමාව ඉක්මවා කියනවා නම් නීති ගේන්න, මැදිහත්වීම් සහ බලපෑම කරනවා නම් එයට එකඟ නෑ. යා යුතු මාර්ගය සොයාගෙන නොබැදි විදේශ ප්‍රතිතිය තුළ ජනතාවගේ අයිතිවාසිකම්,අපේ කම නිසා ආරක්ෂා කරගනිමින්, විදේශ රටවල මිත්‍රශීලීභාවය තබාගෙන, ප්‍රශ්නයට විසඳුම් සොයාගෙන නීති ප්‍රතිසංස්කරණය කරන්න පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකාවන් ව කැපවෙමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya