අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හෙට රුසියාවේ නිල සංචාරයකට පිටත්ව යයි Featured

    මාර්තු 21, 2017

    ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහාතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (22) ලබන 24 දක්වා රුසියන් සමුහාණ්ඩුවේ නිල සංචාරයක නිරතවීමට එකඟ වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.


    1974 වර්ෂයේදී අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මොස්කව් නගරයෙහි කළ නිල සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු රුසියන් සමූහාණ්ඩුවේ නිරතවන ප්‍රථම නිල සංචාරය මෙයයි.  දෙ රට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපනය කිරීමෙන් පසුව හැට වන සාංවත්සරික උත්සවය දෙ රට විසින් මෙම සංචාරය අතරවාරයේ දී පවත්වනු ඇත.

     

    මෙම සංචාරය අතරවාරයේ දී ජනාධිපති සිරිසේන මැතිතුමා අනිද්දා  (23) රුසියන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මැතිතුමන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

     

    දෙරට අතර වෙළඳ හා ආයෝජන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ඉදිරියට ගෙනයාම ඇතුළුව දීර්ගකාලීන ද්වීපාර්ශ්වික සම්බන්ධතාවල ප්‍රගතිය මෙම නිල සාකච්ඡා අතරවාරයේ දී සමාලෝචනය කිරීමට අපේක්ෂිතය.

     

    ධීවරකටයුතු, සංචාරණය, සංස්කෘතික විද්‍යා හා තාක්ෂණික අංශ ඇතුළු අධ්‍යාපනික සහයෝගිතාව යන ක්ෂේත්‍රවල ද්වීපාර්ශ්වික ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතය.

     

    දෙ රට අතර වෙළඳ හා ව්‍යාපාරික සම්බන්ධතා ක්‍රියාශීලි අන්දමින් ප්‍රවර්ධනය කිරීම අරභයා ශ්‍රී ලංකා - රුසියා ව්‍යාපාරික සංසදය මොස්කව්හිදී පවත්වනු ලබන අතර ශ්‍රී ලංකා රුසියා ව්‍යාපාරික කවුන්සිලයේ නියෝජිත පිරිසක් විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබනවා ඇත.

     

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඇතුළු තවත් කැබිනට් ඇමතිවරුන් පස්දෙනෙක් ජනාධිපතිතුමා සමඟ රුසියන් සමූහාණ්ඩු නිල සංචාරයට සහභාගීවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya