අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දනයට 100 ක බලකායක් හෙට සිට කින්නියාවට Featured

    මාර්තු 19, 2017

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා බඳවා ගත් ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 දෙනාගෙන්  තෝරාගත් 100 ක් ත්‍රීකුණාමලය කින්නියා ප්‍රදේශයේ මදුරු මර්දන කටුයුතු සඳහා ලබන හෙට (20) සිට යෙදවීමට තීරණය කර තිබේ.

    මෙම පිරිස පුහුණුවෙන් පසු ක්ෂේත්‍ර රාජකාරී සඳහා අනුයුක්ත කිරීම ඊයේ සිදු විය.

    මදුරු මර්දන සහායකයින් 1500 ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර පළමු අදියර යටතේ බස්නාහිර පළාත සඳහා පමණක් ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 ක් බඳවාගෙන ඊට අදාළ පුහුණු කිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරිණි. එම පුහුණුව අවසන් කළ මදුරු මර්දන සහායක නිලධාරීන් ඊයේ  (18) සිට ක්ෂේත්‍ර රාජකාරී සඳහා යොදවන ලදි.

    "ඩෙංගු මදුරු මර්දන සහායකයින් 1500 ක් බඳවා ගැනීමේ දී අමාත්‍ය මණ්ඩලයේ දී විවිධ ගැටලු ඇති වුනත්, අතිගරු ජනාධිපතිතුමා ඊට පුර්ණ සහයෝගය ලබාදුන්නා. මේ වනවිට 500  ක් බඳවාගෙන ඇති අතර, ඉතිරි 1000 ඉදිරියේ දී බඳවා ගැනීමට නියමිතයි. සෞඛ්‍ය සේවාව අද මුහුණ දී ඇති ප්‍රබලම අභියෝගය වන්නේ එචි.අයි.වී සහ ඩෙංගු උවදුරයි. අනෙකුත් බෝවන රෝග අපි මර්දන කර තිබෙනවා. 2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 21,000 වැඩි ප්‍රමාණයක් වාර්තා වුනා. ඉන් 8,800 ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඩෙංගු මදුරු මර්දනය ජාතික ව්‍යාපාරයක් ලෙස සළකා රාජ්‍ය නායකයා මෙම අවස්ථාවට එක්වීම මම අගය කරනවා. පසුගිය කාලයේ ඇති වූ ගංවතුර හා දේශගුණික විපර්යාස හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැඩි වුනා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya