අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමුද්‍ර ත්‍රස්තවාදය මැඩ පැවත්වීමට සියලු රටවල් එකට අත්වල් බැඳ ගත යුතුයි - අගමැති

    මාර්තු 15, 2017

    විවිධ කණ්ඩායම්වල බලපෑම් සහ අභිප්‍රායයන් හේතුවෙන් පසුගිය කාලය තුළ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍ර ත්‍රස්තවාදය මතුවෙමින් පැවතීමේ අවදානම අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ගෝලීය ආර්ථිකයට බලවත් තර්ජනයක් විය හැකි සමුද්‍ර ත්‍රස්තවාදය මැඩ පැවත්වීම උදෙසා සියලු රටවල් එකට අත්වල් බැඳ ගත යුතු කාලය එළැඹඇති බව ද පෙන්වා දුන්නේය.

    ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති  “2017 ත්‍රස්ත මර්දන සමුළුව” ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ අමතමින් ඊයේ (14) දින සන්ධ්‍යාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පසුගිය දශක එකහමාරක කාලය තුළ ගොඩබිම් ත්‍රස්තවාදය පරදමින්, සමුද්‍ර ත්‍රස්තවාදය හිස ඔසවමින් පවතින බවය.


    බිලියන 3 ක ජනතාවක් වෙසෙන ඉන්දියානු සාගර කලාපය හරහා ලෝකයේ කන්ටේනර් නැව් හරි අඩක් ගමන් කරන බවත්, මෙය ආසියානු සහ මැදපෙරදිග රටවල්වලට විශාල ආර්ථික ශක්තියක් වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. සමුද්‍ර ත්‍රස්තවාදය හේතුවෙන් මේ ආර්ථික ශක්තියට බලවත් තර්ජන එල්ල වී ඇති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    ඉන්දියන් සාගර කලාපයේ හිස ඔසවමින් පවතින ඩිජිටල් ක්‍රමවේදී ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ද අප සියලු දෙනාගේම සැලකිල්ල යොමු විය යුතු බව ද අගමැතිවරයා පැවසීය.

    මේ සියලු ත්‍රස්තවාදී ක්‍රියා මැඬපැවැත්වීම සඳහා සියලු රාජ්‍යයන් අතර සමීප සහයෝගීතාවක් නිර්මාණය කර ගත යුතු බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, එක් පුද්ගලයෙක්ගේ ත්‍රස්තවාදය, තවත් පුද්ගලයෙකුගේ විමුක්තියක් සේ සැලකීමට හැකියාවක් නොමැති බව ද පෙන්වා දුන්නේය.
     
    සාකච්ඡාවෙන්, සහයෝගයෙන්, තොරතුරු හුවමාරු කර ගැනීමෙන් හා විශේෂඥ දැනුම බෙදා හදා ගැනීමෙන් ත්‍රස්තවාදය මැඬපැවැත්වීමේ අභියෝගය ජයගත හැකි බවට අගමැතිවරයා විශ්වාසය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya