අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වකුගඩු දින සැමරුම් ජාතික උත්සවය අද

    මාර්තු 13, 2017

    මාර්තු 09 වන දිනට යෙදී තිබුණු ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ලෝක වකුගඩු දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) ප.ව 2.00 ට මාතලේ, නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වෙයි.

    "නිරෝගිමත් වකුගඩු සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්" තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවයට සමගාමීව වකුගඩු රෝග නිවාරණය පිළිබඳ පාසල් දරුවන් සහ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මකය.

    විල්ගමුව රෝහලේ ඉදිකරන ලද වකුගඩු ඒකකය ද මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.

    මීට වසර 10 කට පමණ පෙර මෙම දිනය ප‍්‍රකාශයට පත් කර ඇතත් මෙය ලොව පුරා කථාබහකට ලක්වන්නේ මෑත කාලයක සිටය. සෑම වසරකම මාර්තු මාසයේ දෙවන බ‍්‍රහස්පතින්දා දිනය ලෝක වකුගඩු දිනය ලෙස හඳුන්වනු ලබයි.

    මෙම වකුගඩු දිනය සැමරීම තුළින් අපේක්ෂා කරන්නේ ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමයි.
     
    එමෙන්ම දැනට වසංගතයක් සේ වැඩිවෙමින් පවතින වකුගඩු රෝගය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස වගකිවයුතු සියලූ ආයතනවලින් ඉල්ලා සිටීම ද මෙහිදී සිදු කෙරේ.

    වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප‍්‍රධානතම අභියෝගයන්ගෙන් එකක් ලෙස වකගුඩු රෝගය හඳුනාගත හැකිය. විශේෂයෙන් රසායනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කෙරෙන උතුරුමැද පළාතේ මෙන්ම දිවයින පුරා සෑම පළාතකින්ම මේ වන විට වකුගඩු රෝගීන් විශාල පිරිසක් හඳුනාගෙන තිබේ.

    ජන ජීවිතයට අභියෝගයක් එල්ලකර ඇති මෙම වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ද විශේෂ අවධානය යොමුවී තිබෙන අතර ඒ වෙනුවෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධන බලකාය හරහා වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් වැඩසටහන් රැසක් සක්‍රීයව ක්‍රියාත්මක කෙරෙමින් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya