1818 ඌව වෙල්ලස්ස අරගලයට සහභාගීවීමේ හේතුව මත මරණ දණ්ඩනය නියම කර මරණයට පත් කළ සහ රටින් පිටුවහල් කළ විරුවන් 84 දෙනෙකු පමණ දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කරන ගැසට් පත්‍රය ජනාධිපතිතුමන් විසින් මෙහිදී අත්සන් කිරීමට නියමිතය.
මෙම ඓතිහාසික අවස්ථාව සඳහා මල්වතු, අස්ගිරි උභය පාර්ශ්වීය මහානායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, කථානායකතුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා මෙම විරු පවුල්වල ඥාතීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වනු ඇත.
ඌව වෙල්ලස්ස අරගලයේ ඓතිහාසික පසුබිම හා එහි ක්‍රමික විකාශනය දැක්වෙන ප්‍රාසාංගික අංගයන් ද සහිතව පැවැත්වෙන මෙම උත්සවය එදින ප.ව. 4.00 සිට රූපවාහිනි නාලිකා මඟින් සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.