අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව රුපියටල් මිලියන 64,000ක වියදමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර මාලිගාතැන්න මධ්‍ය මහා විද්‍යාලය සඳහා වෙන් කොට ඇති මුදල රුපියල් මිලියන 52ක්. ඒ යටතේ විදුලිය,ජලය, පන්ති කාමර, පාසල් උපකරණ, ගුරුනිවාස ඇතුළු ඉදිකිරීම් රැසක් සිදු කෙරේ.
දිවයින පුරා පළාත් මට්ටමින් ක්‍රියාත්මක කර ඇති ‘ළඟම පාසල - හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ පාසල්වල ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු සිදු කෙරේ. පාසල් 7,000කට අධික ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය වන අතර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඇති කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. දරුවන්ට තමා ජීවත්වන නිවස අසලම පිහිටි පාසල අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත පාසලක් ලෙසට සංවර්ධනය කරදීම වෙනුවෙන් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන්නේ පළාත් සභාවල ද පූර්ණ සහයෝගය ඇතිවයි. ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද ඉදිකිරීම් 18,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ක්‍රියාත්මකව පවතිනවා. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ , මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සහභාගී වූහ.