කොළඹ ගලධාරී හෝටලයේ දී ඊයේ (21) ආරම්භ වූ "සංක්‍රමණික සෞඛ්‍ය පිළිබද ලෝක සමුළුව” අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේ එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී හඳුන්වා දුන් බවත් එම ප්‍රතිපත්තියෙන් සියලුම අංශ ආවරණය වන අතර, තොරතුරු රැසක් ද අන්තර්ගත වෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.