රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මේ වන විට වෙළෙඳපොලේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් තිබෙන බව ද පෙන්වා දුන්නේය.
මෙරට මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අතිරික්ත සහල් තොගයක් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන බව ද සඳහන් කළේය.
සහල් තොගවෙළෙඳුන් හමුවීමට පසුගියදා ගිය තමාට කිසිදු සහල් හිඟයක් නොමැති බව ඔවුන් ප්‍රකාශ කළ බවත් අවශ්‍ය සහල් තොග විකිණීමේ ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදු වෙමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.