නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දඬ ආදායම ලක්ෂ 223කින් ඉහළට Featured

    ජනවාරි 26, 2017
    පසුගිය වසරේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 902ක දඬ ආදායමක් උපයා ඇතැයි එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.
     
    මෙම මුදල උපයාගෙන ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් 21,819 ක දී ය. භාණ්ඩවල සඳහන් ව ඇති මිල වෙනස්කර භාණ්ඩ අලෙවි කිරීම, පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම, පාරිභෝගිකයන් නොමග යවමින් හෝ වංචා සහගත ලෙස භාණ්ඩ අලෙවිය හා සේවා ලබා දීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් මේ වැටලීම් සිදුකර දඬ මුදල් ලබාගෙන ඇත.
     
    තිලකරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ 2015 වර්ෂයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය උපායාගත් දඩ ආදායමට වඩා රුපිලය් ලක්ෂ 223ක් 2016 වර්ෂයේ දී වැඩිපුර උපයා ඇති බවයි. 2015 වර්ෂයේදී උපයා තිබූ දඬ ආදායම රුපියල් ලක්ෂ 679කි.
     
    මෙයට අමතරව පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් 1609ක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව පාරිභෝගිකයන්ට යහපත් වෙළෙඳ පොළක් ඇතිකිරීම පිණිස අඛණ්ඩව මෙවැනි වැටලීම් දියත් කරන බව ද තිලකරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya