නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් ශීල්පීන් 190 ට ස්ථිර රැකියා

    ජනවාරි 23, 2017

    කාර්මික පුහුණු මධ්‍යස්ථානවලින් පුහුණුව ලැබූ ඉදිකිරීම් ශීල්පීන් 190 දෙනෙකු රැකියා ලබාදීම පසුගියදා සිදු කළ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    ඒ අනුව පුත්තලම දිස්ති‍්‍රක්කයේ විවිධ ප‍්‍රදේශවල පුහුණුව ලැබූ තරුණයන් පිරිසක් සඳහා දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම්වල මෙම රැකියා අවස්ථා ලබා දීම සිදු විය.

     

     NVQ සහතිකය සහිතව විසිර ගිය මෙම කණ්ඩායමට පත්වීම් ලිපි හා සහතික ප‍්‍රදානය කිරීම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පසුගියදා සිදු වූ අතර  කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, නිවාස සංවර්ධන අධීකාරිය ඇතුළු ආයතන රැසක් මෙම වැඩසටහනට අනුග‍්‍රහය ලබා දී තිබේ.

     

    පුහුණුව නිමා කළ සියලු ශිල්පීන් රුපියල් 50,000 ට ආසන්න ස්ථිර වැටුප් සහිතව රැකියා ගැන්වීම සිදු කළ බවත් මාස 06 ක් වන පරිවාස කාලය නිමා වීමෙන් පසුව මාසික වැටුප රුපියල් 75,000 ක් දක්වා ඉහළ දැමීමට ඉදිකිරීම් සමාගම් එකගතාව පළ කර ඇති බවත් අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

     

    ඉදිකිරීම් ක්ෂේයට අවශ්‍ය සියලු ශ‍්‍රමිකයින් බිහි කිරීමේ වැඩපිළිවෙළ මේ වසරේදී තවත් වේගවත් කිරීමට සැලසුම් කරන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

     

    ඉදිකිරීම් කර්මාන්තයේ පවතින ශ‍්‍රම හිඟය හමුවේ ශ‍්‍රමිකයින් පිට රටින් ගෙන්වීමේ වාතාවරණයක් ඇති වී තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා එම අයහපත් තත්ත්වයට ඉඩ නොදී ක්ෂේත‍්‍රයට අවශ්‍ය ශ‍්‍රමිකයින් රට තුළ බිහි කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාව ඇති වී තිබෙන බව ද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya