නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිව සිසු හෙද හෙදියන් සහ හෙද අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාව සඳහා 1,500 ක් බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙහිදී සිසු හෙද හෙදියන් 1,383 ක් සහ හෙද අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාව සඳහා 117 ක් බඳවා ගැනීමට කටයුතු යොදා ඇත.
දැනට සෞඛ්‍ය සේවාව තුළ හෙද හෙදියන් 34,000 ක් සේවය කරන අතර, හෙද විද්‍යාලවල 7,500 ක් පුහුණුවීම්වල නිරත වෙති. එම පුහුණුවීම්වල නිරතවන හෙද හෙදියන් 1,500 ක් පෙබරවාරි මාසයේ දී සෞඛ්‍ය සේවාවට එක්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි