නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    29 සිට සැප්තැම්බර් 08 දක්වා උ/පෙළ සම්මන්ත්‍රණ තහනම් Featured

    ජූලි 26, 2015

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම මෙම මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට සැප්තැම්බර් 8 වැනි දා දක්වා සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මිට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරිම ඒවා බේදාහැරිම හෝ විභාග ප්‍රශ්න පත්‍රවල සඳහන් ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර් බැනර් අත් පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මගින් ප්‍රසිද්ධ කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

     

    එමෙන්ම යම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝගය නොසලකා ක්‍රියාකළ හොත් එම තැනැත්තා හෝ ආයතනය විභාග පනත යටතේ වැරදිකරුවෙකු වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

     

    කිසියම් පාර්ශවයක් මෙම නියෝගය කඩ කරමින් කටයුතු කරන්නේනම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිසියට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

     

    විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 හෝ පොලිස් හදිසි ඇමතුම් අංක 119, පොලිස් මුලස්ථානයේ 011 2 42 11 11 යන දූරකතන අංක වෙත දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     

    1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතේ 22 වන වගන්තිය යටතේ මෙම නියෝගයන් කඩ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya