ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කරන ලද රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (22) නාවික හමුදා මූලස්ථානයේ දී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිය රාජකාරි ආරම්භ කළ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු වී සිය ධුරයේ බලතල ඇතුළත් ලිපිය ලබා ගත්තේය.
රියර් අද්මිරාල් රණසිංහ මහතා මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්වීමට පෙර එම ධුරයේ රාජකාරීන් සිදුකළේ වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වන අතර, රණසිංහ මහතා මීට පෙර ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරන ලදී.
DB