අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පසුගියදා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ශ‍්‍රවණාගායේ පැවැති "සුව අහරින් සවිය ලබමු - ශ‍්‍රම බලයෙන් දැය නංවමු" යන්න තේමා කොට ගනිමින් 2015 වර්ෂයේ ජාතික පෝෂණ මාසය ක‍්‍රියාත්මක කිරීමේ සැමරුම් උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
ශ‍්‍රී ලංකාව මැදි ආදායම් ලබන සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්වීමේදී සෞඛ්‍ය සම්පන්න ඵලදායි ශ‍්‍රම බලකාය රටේ මහඟු සම්පතක් ලෙස අවධාරණය වී ඇත. ශ‍්‍රම බලකාය වශයෙන් හඳුන්වන්නේ වයස අවුරුදු 15 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ ආර්ථීක වශයෙන් ක‍්‍රීයාශීලි ජනගහනයයි. මිලියන 16.4ක් වූ වැඩකරන වයසේ ජනගහනයෙන් සියයට 54ක ප‍්‍රතිශතයක් (මිලියන 8.8ක්) රටේ ආර්ථීක සංවර්ධනය කෙරෙහි ඍඡු දායකත්වයක් දක්වයි. නිදන්ගත ශක්ති ඌණතාවයේ සිට අධිබර ස්ථූලතාවය හා ක්ෂද්‍ර පෝෂක ඌණතාවයන් (යකඩ සහ අයඩීන්) වැනි පුළුල් පරාසයක විහිදෙන පෝෂණ ගැටලු සමූහයක් ශ‍්‍රම බලකාය අතර දක්නට ලැබේ.
වෛද්‍ය පර්යේෂණායතනය විසින් 2012 වර්ෂයේ දී සිදු කරනු ලැබූ ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18ත් 59ත් අතර පිරිමින්ගෙන් සියයට 16.2ක් කෘෂභාවයෙන් පෙළෙන අතර, සියයට 22ක් අධිබර හා සියයට 4.2ක් ස්ථූලතාවෙන් පෙළෙන බව අනාවරණය වී ඇත. එම වයස් කාණ්ඩයේ කාන්තාවයන්ගෙන් සියයට 14.9ක් කෘෂබවින් ද, සියයට 24.6ක් අධිබරින් ද, සියයට 6.9ක් ස්ථූල බවින් ද පෙළෙන බව අනාවරණය වේ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, අද අප සමරන්නේ පෝෂණ මාසයයි. දියුණුවන රටවල් සමඟ ගත්විට ලංකාවේ සෞඛ්‍ය දර්ශක හා සමාජ දර්ශක ඉතා හොද මට්ටමක තිබෙනවා. ඒ විදිහට ගත්තාම පෝෂණ දර්ශකය එහෙම නැහැ. පසුගිය දශකයේ පෝෂණ දර්ශකය නොවෙනස්ව එහෙම දියුණුවක් අපට පෙනෙන්නට නැහැ. ඒක තමයි අපට තිබෙන ප‍්‍රශ්නය. එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි බරක් මේ සඳහා යොදවන්නට අවශ්‍යයි.
පෝෂණ තත්ත්වය අතින් නරකම තත්ත්වය තිබෙන්නේ අපේ වතුකරයේ. වතුකරයේ නිදන්ගත ශක්ති ඌණතාවය සියයට 60ක් තිබෙනවා . සියයට 94ක් ඇනීමියාව තිබෙනවා. මෙතනින් තමයි අපි අපේ රටේ පෝෂණය කියන එක ආරම්භ කරන්න ඕනෑ. මේ කරන වැඩපිළිවෙළ යටතේ මනා පෝෂණයක් එම ජනතාවට ලබාදීම සඳහා නොයෙකුත් වැඩපිළිවෙළවල් යෝජනා කරලා තිබෙනවා. අපිට තිබෙන දත්ත අනුව බැලුවොත් අපිට ශ‍්‍රම බලකාය තිබෙනවා අවුරුදු 15 ඉදලා ජනතාව ශ්‍රම බලකායට සහභාගි වෙනවා. අවුරුදු 15 සිට ගත්තොත් අපේ මිලියන 21න් මිලියන 16.4ක් ඉන්නේ මේ ශ‍්‍රම බලකායට සහභාගිවන පිරිස. ඒකෙන් මිලියන 8.8ක් මේ රටේ වැඩකරනවා.
ලංකාවේ දරුවන් අතර අඩු බර, කෘෂ බව, මිටි බව ඒ වගේම අපේ වැඩිහිටියන් ගත්තොත් නීරක්තිය, කෘෂ බව, අධි බර, ස්ථූලභාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා මේ සියල්ලට ප‍්‍රධාන හේතුව වන්නේ පෝෂණය. ඒ නිසා වැඩි අවධානයක් මෙම පෝෂණ පිළිබඳ අපි යොදවන්න අවශ්‍යයි, මේ රෝග පාලනය කිරීම සඳහා. පෝෂණ තත්ත්වය දියුණු කරොත් සෞඛ්‍ය දියුණු වෙනවා. සෞඛ්‍ය දියුණු වුනාම රටේ ඵලදායිතාව, ආර්ථීක අභිවෘද්ධිය, සංවර්ධනය මේ සියල්ල ළඟා කර ගන්න පුළුවන්. පෝෂණය වැඩි කිරීමට කටයුතු කිරීමෙන් වෙන්නේ මොකක් ද ජනතාවගේ ශාරීරික ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම නිදන්ගත රෝග හැදීමේ තත්ත්වය අඩු වෙනවා. අද මේ වනවිට කරන පරීක්ෂණවලින් පෙනෙනවා පෝෂණය අඩු ස්ථරවල කැලරි සියයට 50කින් වැඩිකර ගන්න පුළුවන් නම් අපිට පුළුවන් ඵලදායිතාව සියයට 16.5කින් වැඩිකර ගන්න පුළුවන්. මේ රටේ ඵලදායිතාව, සංවර්ධනය මේ ඔක්කොම රදා පවතින්නේ පෝෂණය මතයි. ඒ නිසා පෝෂණය සඳහා වැඩි ම බරක් යෙදවිය යුතුයි.
ඒ අනුව ගත යුතු ක‍්‍රියාමාර්ග වශයෙන් විවිධත්වයෙන් යුතු ආහාර දිනපතා ආහාරයට එකතු කර ගැනීම අවශ්‍යයි. පිෂ්ඨය සහිත ආහාර ප‍්‍රධාන ආහාර වේලට එකතු කර ගැනීම, ප්‍රෝටීන අඩංගු ආහාර ලබාදීම, ක්ෂණික කෑම වර්ග බීම වර්ග සීමා කිරීම, ප‍්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, අඩු ම තරමින් දිනකට විනාඩි 30ක් වත් ව්‍යායාමවල යෙදෙන්න ඕනෑ. ඒ සඳහා සේවකයන්ට සහනදායි මිලකට ආහාර වේලක් ඒ ඒ වැඩකරන තැන්වල ලබාදීම යෝජනා කරනවා. මේවා අප රජයක් විදිහට ගත යුතු කි‍්‍රයා මාර්ගයි. අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා එක්ක කතා කර සෞඛ්‍ය අමාත්‍යාංශය මූලික කරගෙන සක‍්‍රීය වැඩසටහනක් යටතේ සියලු ම අමාත්‍යාංශ ගෙනල්ලා ඉස්සෙල්ලාම රජයේ සේවකයන් අතර, සුළු සේවකයන් මූලික කරගෙන මේ වැඩපිළිවෙළ සකසන්න ඕනෑ. ආපන ශාලා ප‍්‍රතිපත්තිය අනික් සෑම ස්ථානයකටත් ලබාදෙන්න ඕනෑ. රෝග නිවාරණය තමයි ඉතාමත් වැදගත් වන්නේ. සේවා ස්ථානවලට ශාරීරික ව්‍යායාම ස්ථාන ලබාදිය යුතුයි. එය හැම රාජ්‍ය ආයතනයකම ක‍්‍රියාත්මක කළ යුතුයි. මේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි ජාතික මට්ටමෙන්, දිස්ත‍්‍රික් මට්ටමෙන් අපිට කරන්න පුළුවන් වැඩපිළිවෙළ පිළිබඳව ව්‍යාපෘති වාර්තාවක් හදලා ඒක අපි ආරම්භ කරලා 2016 පෝෂණ මාසයේ දී ඒකේ ඵලදායිතාව අපි සාකච්ඡා කරමු යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
NDH