මෙම නියෝජිත පිරිසට ඕස්ට්‍රේලියානු රේගු සහ දේශසීමා ආරක්‍ෂාව පිළිබඳ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මයිකල් යුට්රම් (Michael Outram), ආගමන අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හා දේශසීමා පිළිබඳ මෙහෙයුම් ආඥාපති මේජර් ජෙනරාල් ඇන්ඩෲ බොට්ට්‍රෙල් (Andrew Bottrell), අමාත්‍ය උපදේශක හා දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝස් ඇල්වරේස් (Jose Alvarez), අමාත්‍ය ඩුටොන් මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මයිකල් කිල්හැම් (Michael Kilham), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක කපිතන් ජේසන් ෂියර්ස් (Jason Sears), ඕස්ට්‍රේල්යානු මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක (ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස්) ක්‍රිස්ටෝපර් වුඩ්ස් (Christopher Woods) හා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ දෙවන ලේකම් එඩ්විනා සින්ක්ලෙයාර් (Edwina Sinclair) යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.
මෙම හමුවේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස අතර දෙරටටම බලපාන ප්‍රශ්නයක් වන අනවසර සංක්‍රමණිකයන් හා ඒ හා අදාළ කරුණු පිළිබඳ ව සුහද සාකච්ඡාවක් පැවැත්විණ.
සාකච්ඡාව අවසානයේදී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා රුවන් විජයවර්ධන අමාත්‍යතුමා හා පීටර් ඩුටොන් මහතා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.
NDH