අද (02) සහ හෙට (03) දිනයන් හි මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.
ඒ අනුව අද පෙරවරු 7.45 සිට පෙරවරු 8.30දක්වා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කැලණි පාලම, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී.එස්. සේනානායක විදුලි සංඥා හන්දිය, කින්සි පාර, හෝර්ටන් පෙදෙස, ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ ඉදිරිපිට මාර්ගය, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර, ගාලු පාර දක්වා වූ කොටස ද,
පස්වරු 12.20 සිට පස්වරු 12.30 දක්වා එන්.එස්.ඒ වටරවුම සිට ගාලු මුවදොර වටරවුම හරහා ගාලු පාරේ කොල්ලුපිටිය දක්වා වූ කොටස ද,
පස්වරු 2.00 සිට පස්වරු 2.30 දක්වා ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතුකුරුස හන්දිය, පුස්තකාල වටරවුමෙන් වමට හැරී, ආනන්ද කුමාරස්වාමි මාවත, හෝර්ටන් වටරවුම, හෝර්ටන් පෙදෙස, ඩී.එස්. සේනානායක විදුලි සංඥා හන්දියෙන් වමට හැරී බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, කැලණි පාලම ඔස්සේ කැලණි විහාරය දක්වා වූ මාර්ගය,
පස්වරු 3.00 සිට පස්වරු 3.30 දක්වා කැලණි විහාරය, කැලණි පාලම, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී.එස්. සේනානායක විදුලි සංඥා හන්දියෙන් දකුණට හැරී, කින්සි පාර, හෝර්ටන් පෙදෙස, ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ ඉදිරිපිට මාර්ගය, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, ගාලු පාරෙන් දකුණට හැරී ගාලු මුවදොර වටරවුම දක්වා වූ මාර්ගය, මෙලෙස වසා තැබීමට තීරණය කොට ඇත.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු මෙවැනි නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන්නේ 1972 වසරට පසුව වීම විශේෂත්වයකි. සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවට ඇති වූ බලපෑම පිළිබඳ සොයාබැලීම සඳහා එවකට අමෙරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් 2005 වසරේ දී මෙරටට පැමිණියේය.
ජෝන් කෙරී මහතා සිය සංචාරය අතරතුර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරු ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මීට අමතරව දේශපාලන පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද ඔහු අපේක්ෂා කරයි.
DB