නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට Featured

    මැයි 02, 2015

    ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද (02) දිවයිනට පැමිණේ. 1972 වසරේ විලියම් පියර්ස් රොජර් මැතිතුමාගේ සංචාරයෙන් පසුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයෙකු ශ්‍රී ලංකාවේ නියැලෙන පළමු සංචාරය මෙය වෙයි. ඉන්දියානු සාගර සුනාමි ව්‍යසනයට පසුව එනම් 2005 වසරේ දී  කොලින් පවෙල් ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණියේය.

    ලේකම් කෙරී මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟ සුහද සාකච්ඡාවක නියැලීමට නියමිත අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා විදේශ කටයුතු අමාත්‍ය  සමරවීර මැතිතුමා සමඟ පුළුල් සාකච්ඡා පවත්වනු ඇත.

     

    ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කැළණි පන්සලට ගොස් ආගමික වතාවත්වල නිරත වීමට ද සැලසුම් කර ඇත.  දේශනයක් ද පවත්වනු ලැබේ.

     

    විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ආරාධනයෙන් එතුමා කොළඹ දී විශේෂ අමුත්තෙකු ලෙස දේශනයක් පැවැත්වීමට ද, වෙනත් කටයුතු කිහිපයක නියැලීමට ද නියමිතය.

     

    රාජ්‍ය ලේකම්වරයා මැයි 03වන ඉරිදා දහවල් දිවයිනෙන් පිටව යාමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya